26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිදහස් පක්ෂයට තවත් තනතුරු කිහිපයක් ?

නිදහස් පක්ෂයට තවත් තනතුරු කිහිපයක් ?

රී ලංකා නිදහස් පක්ෂයට තවත් තනතුරු කිහිපයක් එක් කිරීමට කටයුතු කළ බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද පැවති සමස්ත ලංකා කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

අද පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජය සමග එක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටින අතර ඔවුන්ට ද යළිත් තනතුරු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා ආණ්ඩුවේ තනතුරු ගත් එම පක්‍ෂය නියෝජනය කරන සාමාජිකයින් පිරිසක් ද සහභාගිවී තිබුණා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදීයි.