27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණිය රෝහලේදී මියගිය තරුණිය ගැන වාර්තාව හෙට සෞඛ්‍ය ඇමතිට

පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණිය ගැන වාර්තාව හෙට සෞඛ්‍ය ඇමතිට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් මියයාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව හෙට (17) තමන් වෙත භාරදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පසුගියදා පත් කෙරුණා.

එම කමිටුවේ සාමාජිකයින් ඊයේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් විමර්ශන සිදු කර තිබෙනවා.

උදරාබාධයක් හේතුවෙන් පසුගියදා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු එම තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවටයි පවුලේ ඥාතීන් චෝදනා කළේ.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ලබාදී තිබූ එන්නත පිළිබඳ තවත් පාර්ශව රැසක් අදහස් පළ කළා.

එවන් පසුබිමක් තුළ විශේෂ කමිටුවක් පත් කර විමර්ශන සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.

මේ අතර අදාළ තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.