35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලියාපදිංචි නොකළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

ලියාපදිංචි නොකළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

ලියාපදිංචි නොකළ පුනරුත්තාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලියාපදිංචි නොකර දෙහිවල මල්වත්ත පාර ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අදාළ පුනරුත්තාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සහ ඊට සහාය වීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුනා.

එම ස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටි පුද්ගලයන් 34 දෙනෙකු ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙහිවල සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 50 සහ 51 වයස්වල පසුවන දෙදෙනෙක්.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.