― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකලවාන රෝහල් භූමියේ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කලවාන රෝහල් භූමියේ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදි තුවාලකරුවන් කලවාන රෝහලට රැගෙන ඒමෙන් පසු රෝහල් භූමියේදි යළි හටගත් ගැටුමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කලවාන දෙල්ගොඩ ජනපදයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයා සහ ඔහුගේ හිතවතුන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දෙගොඩ ජනපදයේ වෙළඳසැලක් අසල මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ ඝාතනය සිදු කළ සැකකරු සිය පියා සමඟ එම ස්ථානයෙන් ගමන් කරමින් සිටියදි මිය ගිය පුද්ගලයා ඔවුන්ට පහර දී ඇති බව සඳහන්
පහර කෑමට ලක් වූ ඔවුන් දෙදෙනා පසුව නිවෙස්වලට ගොස් ප්‍රතිකාර ගැනීමට කලවාන මූලික රෝහලට යමින් සිටියදි යලිත් වරක් එම දෙපාර්ශවය අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

ඉන් දෙපාර්ශවයේම නියෝජිතයින් තුවාල ලබා ඇති අතර පසුව ඔවුන් කලවාන රෝහලට පැමිණ ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්
එහෙත් රෝහල් භූමියේද යලිත් වරක් ගැටුමක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදි තියුණු ආයුධයකින් මෙම පහර දීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.