28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි මාසයේදී සංචාරකයින් 55,566ක් මෙරටට

ජූලි මාසයේදී සංචාරකයින් 55,566ක් මෙරටට

මෙම ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වර්තාවක දැක්වෙන්නේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 55,566 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,169ක්.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 4,474ක් පැමිණ ඇති බවයි. මෙම මාසයේ චීනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබී තිබෙනවා.

මේ මාසයේ ගතවූ කාලය තුළ චීන ජාතිකයන් 2,893ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජර්මනියෙන් සංචාරකයින් 2,824ක් සහ රුසියාවෙන් සංචාරකයින් 2,599ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සඳහන්.

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 100,388ක් පැමිණ තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා සංචාරකයින් 680,440ක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.