26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමතින් අධිවේගයේ බයික් පැද්ද අයෙක් අත්අඩංගුවට

බීමතින් අධිවේගයේ බයික් පැද්ද අයෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළුතර – මතුගම මාර්ගයේ පැමිණි සැකකරු දොඩම්ගොඩ පිවිසුම් ස්ථානයෙන් මාතර දෙසට අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිපැන්න දෙසට ගමන් කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වූයේ.

සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් පිරිසක් අතර මඟදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොඩම්ගොඩ පොලිසියට භාරදී තිබෙනවා.