25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් ඉඩම් අක්කර 29000ක් නිදහස් කරන්නැයි නියෝග

මුලතිව් ඉඩම් අක්කර 29000ක් නිදහස් කරන්නැයි නියෝග

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කරගෙන තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000ක් නිදහස් කොට ජනතාව වෙත පවරන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරදියන්පත්තු, පුදුකුඩිඉරිප්පු, ඔටුසුට්ටාන්, තුනුකායි, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන පළාත්වල ඉඩම් මේ අන්දමට නිදහස් කිරීමට නියමිතය.

මේ පිළිබදව වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසුව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකින් පසුවයි එම ඉඩම් නිදහස් කරන ලෙස නියෝග කර ඇත්තේ.