26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාසමාණික්කම්ට ප+හර දීමේ උත්සාහයක්

රාසමාණික්කම්ට ප+හර දීමේ උත්සාහයක්

අද (17) පැවති විරෝධතාවක් අතරතුරදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්ට කිසියම් පිරිසක් විසින් පහර දීමට උත්සාහ දරා තිබේ.

පසුගියදා මනම්පිටිය ප්‍රදේශයේදී 11 දෙනෙකු මිය ගිය බස් රථ අනතුර සහ මඩකලපුව ප්‍රදේශයේ ධාවනය වන බස් රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අද විරෝධතාවක් පැවැත්වුණා.

මෙම විරෝධතාවයේදී උද්ඝෝෂකයින් විරෝධතාවයේ නිරත වූයේ නීතිවිරෝධී බස් ධාවනය වහාම නතර කළ යුතු බව හා නැගෙනහිර පළාත් මාර්ග ප්‍රවාහන අධිකාරියේ පහත් ක්‍රියාකලාපය හේතුවෙන් අද ජීවිත 11ක් අහිමි වූ බව පවසමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මෙම විරෝධතාවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙක් ඔහුට පහර දීමට තැත් කිරීම නිසා විරෝධතාකරුවන් විසින් ඔවුන් දෙදෙනාව විසුරුවා හැර තිබේ.

මන්ත්‍රීවරයා පොලිසියේද සහය ඇතිව බලපත්‍ර රහිතව ධාවනය වන බස් රථ පරීක්ෂා කළේය.