27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශේෂ කාරක සභාවක් සම්බන්ධ යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

විශේෂ කාරක සභාවක් සම්බන්ධ යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට (18) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනාව හෙට සභාගත කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදයක් ඉදිරි වෙනත් දිනයක දී පැවැත්වීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව හෙට (18) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සතියේ කටයුතු පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි සිදුකෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කළා.