අද (17) උදෑසන මොණරාගල කුඹුක්කන වේලච්චි කඩේ ප්රදේශයෙන් කපාකොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සැමියා විසින් සිය බිරිඳව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 45ක් හැවිරිදි තිදරු මවක් වන අතර ඝාතනය සිදු කළ කාන්තාවගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.