27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 වසරේ ජුනි මාසය දක්වා සුරාබදු වැටලීම් විසිදහස ඉක්මවයි

2023 වසරේ ජුනි මාසය දක්වා සුරාබදු වැටලීම් විසිදහස ඉක්මවයි

මෙම වසරේ ජුනි මාසය දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 20,121ක් සිදුකර ඇති බව සුරබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරනවා.

මෙම වැටලීම්වලින් වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ නීති විරෝධී මත්පැන් සහ රජයේ අරක්කු සම්බන්ධයෙන් බවයි ඔහු පැවසුවේ.

එම ප්‍රමාණය ප්‍රමාණය 16,726ක්.

මීට අමතරව හෙරොයින්, ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 2,943ක් සිදුකර ඇති අතර, දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන්වන වැටලීම් 452ක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීම්වලදී සැකකාරියන් 2687 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස පිරිමි පුද්ගලයින්.

වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව ඒ ඒ ප්‍රදෙශවල අධිකරණයන් හමුවේ නඩු පැවරීමට වැටලීම සිදුකළ සුරාබදු නිලධාරීන් කටයුතුකර ඇති බවයි සුරබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.