28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්‍රි රහීම්ගේ රේගු වාර්තාව කතානායකට

අලි සබ්‍රි රහීම්ගේ රේගු වාර්තාව කතානායකට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයේ වාර්තාව කතානායකවරයා අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් නීතිවිරෝධි ලෙස රත්තරන් තොගයක් මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති පක්ෂ නායක රැස්වීමේදීද සාකච්ඡාවට ලක්ව ඇති අතර අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි පියවර ගතයුතු බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 කට ආසන්න පිරිසක් පසුගියදා කතානායකවරයාට යෝජනාවක්ද භාර දුන්නේය.

ඒ අනුව අද (18) පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.