― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආනයන සීමා නිසා බිලියන 526ක ඉතිරියක්

ආනයන සීමා නිසා බිලියන 526ක ඉතිරියක්

ආනයන සීමා හේතුවෙන් රුපියල් කෝටි 52,638 ක් රටට ඉතිරි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තවත් භාණ්ඩ 286 ක ආනයන සීමා ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පැවැති ආර්ථික අර්බුධය හේතුවෙන් ආනයනික භාණ්ඩවලින් 82% ට මෙලෙස ආනයන සීමා දැමීමට සිදුවූ බවයි.

2019 වසරේදී භාණ්ඩ ආනයනට ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් වැයවූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ 2022 වසරේදී ආනයන සීමා හේතුවෙන් ඉන් ඩොලර් මිලියන 1698 ක් ඉතිරි කර ගැනීමට හැකී වී ඇති බවයි.