28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්සයිමර් රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනේ

ඇල්සයිමර් රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනේ

මිනිසාගේ මතකය ක්‍රමයෙන් හීන කරන ඇල්සයිමර් රෝගයට, ප්‍රතිකාර ලෙස ඩොනනෙමැබ් (donanemab) නමින් නව ඖෂධයක් නිපදවීමට අමෙරිකානු ඖෂධ සමාගමකට හැකි වී තිබෙනවා.

මෙම නව ඖෂධය මගින් ඇල්සයිමර් රෝගය උත්සන්නවීම සියයට 60කින් පමණ මන්දගාමී කිරීමට හේතු වන බවයි ගෝලීයව සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ.

ඇල්සයිමර් රෝගයේ ආරම්භක අවධියේදී රෝගීන්ගේ මොළයේ තැන්පත් වන ප්‍රෝටීන් මෙම ඖෂධය භාවිත කිරීමෙන් ඉවත්කිරීම සිදුකළ හැකිබව ඉන් හෙළිවී තිබුණා අධික ලෙස ප්‍රෝටීන් තැන්පත් වී ඇති රෝගීන්ට මෙන්ම වැඩිහිටි සහ ඇල්සයිමර් දරුණු ලෙස උත්සන්නව ඇති රෝගීන්ට මෙම ඖෂධය භාවිතයෙන් ධනාත්මක ප්‍රතිඵල හිමි නොවන බවයි පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ.

මෙම ඖෂධය භාවිතයෙන්, ජානමය කරුණු මත ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ අයගෙන් සියයට 40කගේ පමණ අතුරු ආබාධ ලෙස මොළය ඉදිමීමේ අවදානමක් පවතින බව ද පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.