25.6 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌරු ජුවාගේ 'කූඩැල්ලා' අත්අඩංගුවට

ඌරු ජුවාගේ ‘කූඩැල්ලා’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ඌරු ජුවාගේ සමීපතමයෙක් හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව – බදුවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි ‘කූඩැල්ලා’ යන අනවරථ නාමයෙන් හඳුවන තරුණයෙකි.

පොලීසිය සඳහන් කළේ දිද්දෙණිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, සිම් කාඩ්පත්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.