31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඖෂධ සංස්ථාව වැඩිපුර ගෙවා ඉන්හේලර් අරන්

ඖෂධ සංස්ථාව වැඩිපුර ගෙවා ඉන්හේලර් අරන්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් වැඩිපුර ගෙවා ඉන්හේලර් තොගයක් මිලට ගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

වෛද්‍ය සැපයුම් අංශය විසින් රේගුවට ඉදිරිපත් කර තිබූ වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව ඒකකයක් රුපියල් 705.40ක් වන ලෙස ඒකක 130,000ක් රුපියල් නවකෝටි දාහත් ලක්ෂයකට ප්‍රදානය කළ ඉන්හේලර් විශේෂයක ඇනවුම සැපයුම්කරු විසින් ඒකකයක් රුපියල් 14.13ක් වන පරිදි රුපියල් ලක්ෂ 18කට ආනයනය කර වෛද්‍ය සැපයුම් අංශයට සපයා ඇති බව අනාවරණය වී තිබේ.

කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ මිලට වඩා රුපියල් කෝටි 8.97ක් වැඩිපුර ගෙවීමෙන් මෙම ඖෂධය ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

එම මිල වැඩි වීම සියයට 4892ක් ලෙස සටහන් වන අතර මේ සම්බන්ධයෙන් වහාම විධිමත් ස්වාධීන පරීක්ෂණයක් කර එයට වගකිවයුත්තන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි විගණකාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.