26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජල ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

ජල ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

විදුලි ගාස්‌තුව ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ජනතාවට බලපෑමක්‌ නොවන ආකාරයට එම ජල ගාස්තු වැඩිවීම සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාල වෙතද යවා ඇති බවයි.

විරුද්ධ පක්ෂද මේ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජල ගාස්තු සම්බන්ධයෙන් ජාතික සමගි බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව ගැන මම පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරලා තිබුණා. විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමණාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 වෙනවා. මීට අමතරව රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ගෙවනවා. ඊට හේතුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. එය නිවැරදි කිරීම සඳහා පියවරක් ලෙස මෙය සිදු කෙරෙන්නේ. ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් ජලය පාවිච්චි කරන්නේ ඒකක 15ක් 20ක් විතරයි.ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමෘද්ධි භාවිත කරන්නන්ට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ජල ගාස්තුව වැඩි කිරීමේ අදහස විපක්ෂ නායක කාර්යාලයට ද යවා තියෙනවා. අපිට මිනිස්සුන්ගේ බඩට ගහන්න අදහස් කරන්නේ නැහැ.”