― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිළිඳු දරුවන්ට පාසල් යන්න නොමිලේ සීසන් එකක්

දිළිඳු දරුවන්ට පාසල් යන්න නොමිලේ සීසන් එකක්

දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නොගෙවා නොමිලේ සීසන් ටිකට් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දීමටත් කටයුතු කරන බවයි.

සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

එවිට සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවෙන බස් රථ ප්‍රමාණය අඩු වෙන බවද අමාත්‍යවරයා කීය.