30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය මාර්ගයේ තිබී හමු වූ මළසිරුර ගැන තොරතුරු එළියට

දුම්රිය මාර්ගයේ තිබී හමු වූ මළසිරුර ගැන තොරතුරු එළියට

අද උදැසන(18) අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ තිබි හමු මළසිරුර බද්දේගම පෙරූ වත්තේ පදිංචි 36 හැවිරිදි ධනුෂ්ක රුවන් කුමාර නැමැති එක්දරු පියෙක් බව නැගෙනිය විසින් හදුනා ගෙන ඇතිබව අම්බලන්ගොඩ පොලිසිය බවසයි.

අද දහවල් අම්බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක කමලා වගාආච්චි මහත්මිය පැමිණ හදිසි මරණ පරික්ෂණයේදි මරණ කරු පිළිබද ඔහුගේ නැගෙණිය විසින් හදුනාගෙන ඇත.

මරණය සැක සහිත බව නැගෙණිය ප්‍රකාශ කිරිම නිසා මහෙස්ත්‍රාත් පරික්ෂණයක් හෙට පවත්වන ලෙසට හදිසි මරණ පරික්ෂකවරිය නියෝ කර මෘත දේහය බලපිටිය රෝහලට යවන ලෙස නියෝග කර තිබේ.

මියගිය අයගේ බිරිද විදේශ ගතව ඇතිබැවින් නැගෙණියගේ නිවසේ සිට ඊයේ (17) රාත්‍රියේ කොළඹ යාම සදහා මිතුරන් සමග අම්බලන්ගොඩ නගරයට පැමිණ ඇති බවද හෙලි විය. පාදයක කොටසක් වෙන්ව අතුරුදහන්ව හිසට බරපතල තුවාල සහිතව දුම්රිය මාර්ගයේ මියගොස් සිටියදි උදැසන හමුවි තිබේ.

මරණය සිදුවු ආකාරය පිලිවදව වැඩිදුර විමර්ශනය අම්බලන්ගොඩ පොලිසිය සිදු කරයි.