26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමළ පක්ෂ නායකයින් හා ජූලි චන්ග් අතර හමුවක්

දෙමළ පක්ෂ නායකයින් හා ජූලි චන්ග් අතර හමුවක්

උතුරු, නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් අතර හමුවක් ඊයේ (17) පවත්වා තිබෙනවා.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට විසදුම් ලබාදීම, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සත්‍යය, සංහිදියාව හා ස්ථිර සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිනිය සහ දෙමළ දේශපාලන පක්ෂ නායකින් සකච්ඡාකර තිබෙනවා.

මෙම සකච්ඡාව සඳහා දෙමළ මහජන පෙරමුණ නායක සී.වී. විගවිග්නේශ්වරන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිත එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්.

මේ අතර උතුරු නැගෙනහිර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර ද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව එම දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළා.