ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන (21) වැනිදා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා යෑමට නියමිතය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයක නිරත වන්නේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූ පසු ඉන්දියාවේ සංචාරය කරනු ලබන පළවෙනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා වැදගත් සාධනීය පියවරයින් රාශියක් මෙහිදී ගනු ඇති බවයි වාර්තා වන්නේ.