22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ අනාවැකියේ සඳහන්.

මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව අවධානය යොමු කළ යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.