― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ අනාවැකියේ සඳහන්.

මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව අවධානය යොමු කළ යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.