27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසුළු පිරිසකගේ බලපෑමට ඉල්ලා අස්වෙන්නේ නෑ

සුළු පිරිසකගේ බලපෑමට ඉල්ලා අස්වෙන්නේ නෑ

සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සූදානම්.

මේකේ කුමන්ත්‍රණකරුවා දන්නවා නම් මම බෙල්ලෙන් අල්ලාගෙන එනවා. CID යට භාරදෙනවා හෙටම. ඒක සම්බන්ධව තමා මේ වෙනකොට අවශ්‍ය ආයතන, කණ්ඩායම් එක්ක අපි කටයුතු කරගෙන යන්නේ. ඒක මට මේ වෙලාවේ කියන්න බෑ. මේක විනාශ කරන්න හදන පාපතරයෝ ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සම්බන්ධව සැකයක් ඇති කිරීමේ උවමනාවක් තියෙන කෙනෙකුට නම්, එය නිවැරදි කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න ඔබටත් මටත් කරන්න බෑ. ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ තමා අද ඒ කර්තව්‍ය භාරගෙන ඉන්නේ. මේක මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. ඉතාමත් අභියෝගාත්මක වැඩක්.