28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතරමන්ව සිටි කොටි පැටව් දෙදෙනෙක් වනජීවි භාරයට

අතරමන්ව සිටි කොටි පැටව් දෙදෙනෙක් වනජීවි භාරයට

මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කදුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාරදීමට එම වතුයායේ වතු කම්කරුවන් පසුගියදා (17) පියවර ගෙන තිබුණා.

මාසයක් පමණ වයසැති කඳුකර කොටි පැටවුන් දෙදෙනා තේ වත්තේ ආරක්ෂිත ස්ථානයකට මව විසින් ගෙනවිත් දමා මව ගොදුරු සෙවීමට ගොස් සිටි අවස්ථාවක තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කදුකර කොටි පැටවුන් දෙදෙනා දැක ඒ බව වතු පාලන අධිකාරිය හරහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දී තිබේ.

තම භාරයේ සිටින කදුකර කොටි පැටවුන් දෙදෙනා මව වෙත භාර දීම සදහා කොටි පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත මව වෙත භාරදීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

තේ වත්තේ සිටින මෙවැනි කදුකර කොටි පැටවුන් මිනිසුන් විසින් අල්ලා ස්පර්ශ කිරීමෙන් පසු යලිත් එම කොටි පැටවුන් මව විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා තේ වතුවල සහ රක්ෂිත වල සැරිසරන කොටි පැටවුන් ඇල්ලීමෙන් වැලකි එම සතුන් සිටි ස්ථානයේම රැඳී සිටීමට අවස්ථාව ලබාදීම තුළින් එම කොටි පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වන බවත්, ගොදුරු සොයා යන කොටි පැටවුන්ගේ මව යළිත් එම ස්ථානයට පැමිණ තම පැටවුන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන බවයි වනජීවි නිලධාරින් කියා සිටියේ.