29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමට රාජ්‍ය නිලධාරීන්ගේ උදව් අවශ්‍යයි - සාගල

අස්වැසුමට රාජ්‍ය නිලධාරීන්ගේ උදව් අවශ්‍යයි – සාගල

‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රමාදයකින් තොරව ගත යුතු බව පැවසූ රත්නායක මහතා එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට රටට මුහුණ දීමට සිදු වු බව කීය.

හෙතෙම මේ බව අඳහන් කළේ ‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

එහිදී සාගල රත්නායක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙසයි.

මෙම වැඩසටහනින් දැනට ඉවත් වී සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගෙන අස්වැසුම අභියාචනා සහ විරෝධතා නිරවුල් කරගනිමින් සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.