30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමික ස්ථාන ගැන රජයෙන් තීරණයක්

ආගමික ස්ථාන ගැන රජයෙන් තීරණයක්

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ ඉදිරියේදී ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බවයි.

මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඒ අනුව ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැනද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බවය්ජ් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.