30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"ඉස්පිරිතාලෙට යන හැමෝම ආයේ යහතින් එන්නේ නෑ"

“ඉස්පිරිතාලෙට යන හැමෝම ආයේ යහතින් එන්නේ නෑ”

රෝහලට ලක්ෂයක් ගියහොත් ඒ සියලු දෙනා නැවත යහතින් නොපැමිනෙණ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෑම රෝහලක්ම ඉදිරියේ මල් ශාලා ඇත්තේ ඒ නිසා බවත් යථාර්ථය එය බවත් කිසිවෙකුට සෞඛ්‍ය ඇමැති ධූරය ලබා ගැනීමට උවමනා නම් එය වෙනම කතාවක් බවත්ය.

මහනුවර රෝහලේ මිය ගිය දැරියට ලබා දුන් එන්නත 2003 වසරේ සිට ලංකාවට ගෙන එන බවත් එම එන්නත ලබා දුන් තවත් ළමුන් 12 දෙනෙකු ඒ අවස්ථාවේද එම දැරිය සමග වාට්ටුවේ සිටි බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.