29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායකට පැමිණි ගුවන්යානයක් නිසා විශාල දේපළ හානියක්

කටුනායකට පැමිණි ගුවන්යානයක් නිසා විශාල දේපළ හානියක්

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සඳහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන්තොටුපළ ළංවන අවස්ථාවේ ක්‍රමයෙන් පහතට පැමිණි අඩි ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා එම ගුවන් මාර්ගයේ තිබූ නිවාස සහ දේපොළ රැසක් විනාශ වී තිබෙනවා.

මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ ඉඩම් රැසක නිවාස සහ දේපළවලට මෙම හානිය සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් විශාලතම හානිය සිදු වී තිබෙන්නේ තමන්ට බවයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කනිෂ්ක සරත්චන්ද්‍ර සඳහන් කළේ.

යානය හදිසියේ ඉහළට එසවීමත් සමග ඇතිවූ තද මෙම සුළඟින් ඔහුගේ නිවස පමණක් නොව එදිනෙදා වියදම් පිරිමසා ගන්නා අක්කර දෙකක පොල් වගාව ඇතුළු අනෙකුත් වගාවන් ද විනාශයට පත් වී තිබෙනවා.