― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකැබ් රිය බසයක ගැටී 06ක් රෝහලේ

කැබ් රිය බසයක ගැටී 06ක් රෝහලේ

ඊයේ (18) උදෑසන 6ට පමණ කොරළවැල්ල මාර්ගයේ නවතා තිබූ පුද්ගලික බස් රථයක කොළඹ දෙස සිට මහනුවර බලා ධාවනය වූ මාළු වෙළෙන්දන් රැගත් කැබ් රථයක් ගැටී අනතුරක් සිදුවී ඇත.

කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රිය අනතුර කැබ් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් සිදු වී ඇති බවට එගොඩඋයන පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පානදුර සිට මහනුවර දක්වා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයක රෝදයක් කැඩී යාම හේතුවෙන් කොරළවැල්ල ප්‍රදේශයේ මාර්ගයේ වම්පස නතර කර තිබියදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගත් කැබ් රථය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබූ අතර, අනතුරින් කැබ් රඨයේ ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී තිබෙනවා.