28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකැලණි පාලමේ ඇණ ගලවපු කතාව බොරු - බන්දුල

කැලණි පාලමේ ඇණ ගලවපු කතාව බොරු – බන්දුල

කැලණි පාලමේ ඇණ ගැලවීමේ කතාව බොරුවක් බව ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාසහ් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කැලණි පාලමේ ඇණ ගැලවූයේ යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳිවල බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන පී.වී.සී බට හොරකම් කරල තියෙනවා. නව කැළණි පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර සවිකර තිබූ කොටස් සොරකම් කරල තියෙනවා. පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියෙනවා.

ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40 ක පාඩුවක් සිද්ධ වෙලා. වායු සමීකරණ යන්ත්‍ර කොටස් සොරකම් කිරීමෙන් මිලියන 0.5 ක පාඩුවක් සිද්ධ වෙලා. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ අණ ගලවන්න බෑ. ඇණ ගලවනවා නම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්.