31 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙරම්ගේ බැංකු ගිණුම් 09ක් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර

ජෙරම්ගේ බැංකු ගිණුම් 09ක් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 09ක් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ජෙරම් ප්‍රනාන්දුගේ පෞද්ගලික ගිණුම් ඔහුට අයත් පෞද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහු යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳට අයත් රජයේ සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මෙලෙස පරීක්ෂා කිරීමටයි අධිකරණය අවසර ලබාදී ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේය.