― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsත්‍රිපිටකය අන්තර්ජාලයට මුදාහැරීමේ තීරණයක්

ත්‍රිපිටකය අන්තර්ජාලයට මුදාහැරීමේ තීරණයක්

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අන්තර්ජාලයට මුදාහැරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්යය සිදුකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා අවධාරණය කළේ ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බවයි.