27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් හුටපටයකට සිසුන් දෙදෙනෙක් ගුටි ඇනගනී

පෙම් හුටපටයකට සිසුන් දෙදෙනෙක් ගුටි ඇනගනී

බදුල්ලේ පිහිටි ප්‍රසිද්ධ පාසැල් දෙකක ⁣ශිෂ්‍යයින් දෙදෙනෙකු අතර අද (19) දහවල් ඇතිවු ගැටුමක් හටගෙන ඇති අතර තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳව ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙනුයි මොවුන් දෙදෙනා ගැටුමක් ඇති කරගෙන ඇත්තේ.

අද (19)දහවල් පාසල් නිම වී නිවෙස් බලා යැමට පැමිණි අවස්ථාවේදී බදුල්ල අධිකරණ සංකීර්ණය ආසන්නයේ ඇති වේලේකඩේ නැමැති ස්ථානයේදී මෙම පහරදීම සිදුකර තිබේ.

සිසුන් දෙදෙනාම 16 හැවිරිදි වියේ පසුවන අතර පොල්ලකින් පහරදීමෙන් මෙම ගැටුම සිදු කර ඇති බවයි අණාවරණය වී ඇත්තේ.

මෙම පහරදීමෙන් සිසුවවෙකුගේ දකුණු කන පහළ කොටස දරුණු ලෙස ඉරීමකට ලක්ව ඇති අතර ඔහු මුලික ප්‍රතිකාරවලින් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.