25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථයෙන් ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

බස් රථයෙන් ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

යාපනයේ සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ රජයේ බස් රථයක් තුළ ගංජා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු සතුව තිබී කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 160 ක් අඩංගු ගංජා පැකට්ටු සොයා ගෙන ඇති අතර අදාළ බස් රථය තුළ ගංජා ප්‍රවාහනය කරන බවට හමුදා බුද්ධි අංශයට ලද රහසිගත තොරතුරක් මත බස් රථය පරීක්ෂා කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් – පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුරපරීක්ෂණ පවත්වයි.