27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“බෝවල ජීවත්” අත්අඩංගුවට

“බෝවල ජීවත්” අත්අඩංගුවට

පාතාල සාමාජිකයෙකු වන බෝවල ජීවත් හෙරොයින් මිලි ගෑම් 4560 ක් සමඟ වැලිගම මිරිස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාශය පවසයි .

සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 35 පමණ වන පුද්ගලයකු බවත් මොහු බෝවල ජීවත් ලෙස හඳුන්වන ප්‍රකට පාතාල සාමාජිකයකු බව පොලිසිය කියයි

තවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි බෙලී රනාගේ ප්‍රධාන ගෝලයෙකු බව පොලිසිය කියයි .

සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ සිට වෑන් රථයකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී හෙරොයින් මිලිගෑම් 4560 සමග (19 ) දින මිරිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

මාතර අපරාධ කොට්ඨාශය මගින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම මූලස්ථාන පොලීසිය වෙත යොමු කොට ඇති අතර අනතුරුව කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.