23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජයේ ආයතන ඩිජිටල්කරණය කළ යුතුයි - ෂෙහාන් සේමසිංහ

රජයේ ආයතන ඩිජිටල්කරණය කළ යුතුයි – ෂෙහාන් සේමසිංහ

රටේ පවතින දූෂණ වංචා නැවැත්වීමට නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කළ යුතු බවත් එවිට ආදායම් උපයන සියලුම ආයතන සම්පූර්ණ ඩිජිටල් ක්‍රමයකට යටත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති වාචික ප්‍රශ්න කාලය අතරතුර පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අමතරව පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී කණ්ඩායම්වලට සුදුසු විකල්ප අදහස් ඉදිරිපත් කළ හැකි නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට අපි සූදානම්. මේ රටේ දූෂණ වංචා නැවැත්වීමට නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කළ යුතුයි.