29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරැකියා අහිමි වූ අයට රැකියා සොයාදෙන්න විශේෂ කමිටුවක්

රැකියා අහිමි වූ අයට රැකියා සොයාදෙන්න විශේෂ කමිටුවක්

ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල කමිටුව පත් කිරීමට පියවර ගැනිණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරු කටයතු කරති.

ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී ත්‍රෛපාර්ශවික කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව විසින් රැකියා අහිමිවූවන් යළි රැකියා ගත කිරීම සදහා වන ක්‍රමෝපාය වැඩපිළිවෙළක් සකස් කරනු ලැබූ අතර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට පැවරිණි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ලෝක කම්කරු සංවිධානයෙන් ඉල්ලා තිබු අතර, ලෝක කම්කරු සංවිධානය විසින් සමීක්ෂණයක් සිදුකර එහි අවසන් වාර්තාව ද අමාත්‍යාංශය වෙත භාර දී තිබිණි.

අනතුරුව ත්‍රෛපාර්ශවික කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කර දීර්ඝ කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන වශයෙන් හඳුනාගෙන තිබූ විසඳුම් ක්‍රියාත්මක කිරීම අද දින පත් කළ කමිටුවට පැවරේ.

ඒ අනුව ඉදිරියේදී රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් බිහිවන ක්ෂේත්‍රයන් හඳුනාගෙන එම රැකියා අවස්ථා වෙත පුද්ගලයින් යොමු කිරීම සඳහා වන සුදුසුකම් සපුරාලීම සඳහා සූදානම් කෙරෙන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.