― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 95 තැන ශ්‍රී ලංකාවට

ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 95 තැන ශ්‍රී ලංකාවට

2023 වසරේදී ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 95 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Henley Passport Index දත්තවලට අනුව ශ්‍රී ලංකාව හා ලිබියාව යන රටවල් දෙකම රැඳීන් සිටින්නේ 95 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා රහිතව රටවල් 41කට ගමන් කළ හැකිය. 2023 වසර සඳහා වන ගෝලීය ශ්‍රේණිගත කිරීම් මෑතකදී නිකුත් කර ඇත.

වසර පහකට ආසන්න කාලයකට පසු ජපානයට ප්‍රථම වතාවට එම ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය අහිමි වී ඇති අතර සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රය මේ වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය බවට පත්ව තිබේ.

ජපානය මේ වන විට ලැයිස්තුවේ තුන්වන ස්ථානය දක්වා පහත වැටී ඇත. ජපන් විදේශ ගමන් බලපත්‍රයක් ඇති අයෙකුට වීසා බලපත්‍රයක් නොමැතිව රටවල් 189 කට ගමන් කළ හැකිය.

ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇති රටවල් තුනයි.