27.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවවුනියාව විද්‍යා පීඨයේ සිසුවෙක් ජීවිතක්ෂයට

වවුනියාව විද්‍යා පීඨයේ සිසුවෙක් ජීවිතක්ෂයට

වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ඉගෙනුම ලබමින් සිටි පළමු වසර ශිෂ්‍යයෙක් ඊයේ (18) හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුවේ පදිංචි අසීස් නමැති 21 හැවිරිදි සිසුවෙකි. මොහු නේවාසිකාගාරයේ සිටියදී හදිසියේම උණ රෝගය වැළඳී ඇති අතර වහාම ඔහු රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මිය ගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇහ්තේ.

සිසුවාගේ මෘත දේහය පරීක්ෂණ කටයුතුවලින් පසුව මවුපියන්ට බාර දීමට නියමිතය.

වවුනියාව, මහරම්බකුලම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.