― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (19) අලුයම අනතුරක් සිදු වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

මස්කෙළිය සිට නානුඔය දක්වා ධාවනය වූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සහ කොටගල සිට හැටන් දක්වා ධාවනය වූ කුඩා වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදි මෙම අනතුර සිදු වී ඇත. කොටගල සිට හැටන් දක්වා ධාවනය වු කුඩා වෑන් රථය අද (19) අලුයම කොටගල ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

කුඩා වෑන් රථය ධාවනය කළ රියදුරා බීමත්ව සිට ඇති බවත්, එම රියදුරා අනතුර සිදු වීමත් සමඟ පලාගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ. අනතුරෙන් වෑන් රථ දෙකෙහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෑන් රථ දෙකට දැඩි අලාභ හානි සිදුව තිබේ.

අනතුර සිදුවීමෙන් පසු පලා ගිය රියදුරා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසුවේ.
වර්ෂාව පවතින වේලාවන්හි හැටන් කොළඹ, හැටන් නුවරඑලිය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස දිඹුල පතන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.