27.8 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඟුරුවාතොට මවක් සහ දියණියක් අතුරුදන්

අඟුරුවාතොට මවක් සහ දියණියක් අතුරුදන්

අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ තරුණ මවක් සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

සුපුරුදු පරිදි ඇගේ සැමියා රැකියාව සඳහා නිවෙසින් පිටත්ව ගොස් ඇති අතර ඔහු එදින සවස 6.30ට පමණ රැකියාව නිමවා නිවෙසට පැමිණ සොයා බැලීමේදී තම බිරිය සහ දියණිය නිවසේ නොසිටි නිසා කලබලයට පත්ව අසල්වාසීන්ට මේ බව දන්වා තිබේ.

සැමියා විසින් ඉංගිරියේ ප්‍රදේශයේ සිටින බිරියගේ මව්පියන්ටද කතා කර සොයා බැලුවද ඔවුන් එහි නොපැමිණි බවයි ඔවුන් සැමියාට දන්වා ඇත්තේ.

පොලිස් සුනඛයන්ද යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයේදී අතුරුදන් වූ කාන්තාවගේ ළඟම ඥාතියකුට අයත් ත්‍රිරෝද රථයක් අසණ පොලිස් සුනඛය නතර වී ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහු පොලිස් බාරයට ගෙන තිබේ.