26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස් කොමිසම ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න යයි

අල්ලස් කොමිසම ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න යයි

පසුගිය වසරේ ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පලා ගිය මොහොතේ එහි දමාගොස් තිබුණු රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂ අසූ පන්දහසක මුදල පිළිබදව ප්‍රශ්න කිරීම සඳහා ජූලි 27 වැනිදා තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදී ඔහු පවසා ඇත්තේ අදාල මුදල්, පොහොට්ටු පක්ෂයට හිතවත් ව්‍යාපාරිකයන් විසින් තමන්ට ලබා දුන් බවයි. එම මුදල් එකී ව්‍යාපාරිකයන් විසින් තමාට ලබා දුන්නේ අරගලකරුවන් විනාශ කළ නිවාස යළි ගොඩ නගා ගැනීම සදහා එකී නිවාස හිමිකරුවන්ට ලබා දීමට බව ද හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ.

මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ විට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔවුන්ගේ නම් තමන්ට අමතක බවයි.