29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආනයනය කළ ඖෂධ දෙකක බැක්ටීරියා

ආනයනය කළ ඖෂධ දෙකක බැක්ටීරියා

ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600කින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

කොළඹ අක්ෂි රෝහලේදී ප්‍රශ්නගත වූ ඖෂධයේ බැක්ටීරියා අන්තර්ගත වී ඇති බවට තහවුරු වී ඇති බයි වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේ.

“තත්ත්ව පරීක්ෂාව අසමත්වූ ඖෂධ අපේ සමහර ගබඩාවල අවුරුදු ගණන් ඉඳන් තිබෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. ඇස් රෝහලේ සංකූලතාවය විතරයි අපි හරියටම හඳුනාගෙන තියෙන්නේ. ඒ බෙහෙතේ බැක්ටීරියා තිබුණා කියන එක. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරි කටයුතු කරනවා. අනෙක් බෙහෙත් සියල්ලම අපි තාවකාලිකව තමයි නතර කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණ නිමාවෙන තුරු.”