නිර්වින්දන ඖෂධ නොමැති වීම හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලේ සියලු සිසේරියන් සැත්කම් නවත්වා ඇති බව වාර්තා වෙයි.
දැනට රෝහල සතුව ඇත්තේ දින දෙකකට පමණ ප්‍රමාණවත් නිර්වින්ද ඖෂධ ප්‍රමාණයක් පමණක් වන අතර ඒ අනුව සිසේරියන් සැත්කම් සිදුකළ යුතු ගර්භණී මවුවරු, නිර්වින්දන ඖෂධ ප්‍රමාණවත් ලෙස පවතින රෝහල් වෙත මාරුකර යැවීමට රෝහල් බළධාරීන් කටයුතු කර තිබේ.
නිර්වින්ද ඖෂධවල දැඩි හිඟයක් රට තුළ පවතින බවත් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් කළුතර රෝහලේ අදාල බළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.