26.1 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබාගැනීම ඇරඹේ

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබාගැනීම ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අද අත්සන් ලබා ගැනීම ආරම්භ කළා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ කිහිප දෙනෙකු අත්සන් තබා ඇති බවයි සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් නුදුරේදීම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී අනතුරු අඟවනු ලැබුවා. එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාව තුළ දැඩිව ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟයක් පවතින බවට චෝදනා කළ අතර, පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ රෝහල්වල ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වූ බව ද කියා සිටියා.

සුළු රෝගවලට ඇතුළත් වූ අයට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලබාදීම හේතුවෙන් මිය ගොස් ඇති අතර මෙම සිදුවීම් ගැන පරීක්‍ෂණ පවත්වා තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීමෙන් මරණ නැවත නැවතත් සිදු වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා නිහඬව සිටින්නේ මන්දැයි ද විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තුවේදී පැවති අදහස් හුවමාරුවකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.