27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළොම්බියාවේ ගුවන් අනතුරකින් දේශපාලනඥයන් 5ක් ජිවිතක්ෂයට

කොළොම්බියාවේ ගුවන් අනතුරකින් දේශපාලනඥයන් 5ක් ජිවිතක්ෂයට

මධ්‍යම කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දේශපාලනඥයන් පස් දෙනෙකු සහ එම යානයේ නියමුවා ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය දේශපාලනඥයන් පස් දෙනා හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේගේ දක්ෂිණාංශික සෙන්ට්‍රෝ ඩිමොක්‍රටිකෝ හි සාමාජිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හිටපු සෙනෙට් සභික Nohora Tovar, දෙපාර්තමේන්තු නීති සම්පාදක Dimas Barrero, අපේක්‍ෂක ආණ්ඩුකාර Eliodoro Alvarez සහ Villavicencio නාගරික මන්ත්‍රී ඔස්කාර් රොඩ්‍රිගස් ඇතුළු සාමාජිකයින්ගේ ජීවිත බිලිගත් ඛේදවාචකය පිළිබඳව පක්ෂය ශෝකය පළ කර තිබෙනවා.

ගුවන් යානය විලිවිසෙන්සියෝ සිට බොගෝටා දක්වා සාදයක් සඳහා පියාසර කරමින් තිබූ බවටයි හෙළිවී ඇත්තේ.