― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදිනකට සල්ලි ගිලින කොන්දොස්තරලා 35කගේ වැඩ තහනම්

දිනකට සල්ලි ගිලින කොන්දොස්තරලා 35කගේ වැඩ තහනම්

ටිකට් පත් නොදී මුදල් සාක්කුවේ දමා ගැනීමේ වරදට සාමාන්‍යයෙන් දිනකට බස් කොන්දොස්තරවරුන් 35දෙනෙකුගේ පමණ වැඩ තහනම් වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අළුතින් බදවා ගත් බස් රථ රියදුරන් 532 කට සහ කොන්දොස්තරවරුන්ට 201 දෙනෙකුට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම සදහා පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණි.

කව්රු මේ රට පාලනය කළත් 2048 වෙන තුරු වැඩ කරන්න වෙන්නේ IMF එක සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් වලට අනුවයි. මොකද අපි අරගෙන තිබෙන ණය 2048 වෙන තුරු ගෙවන්න තියන නිසා. QR ක්‍රමවේදය භාවිතා කරමින් බස් රථ වල මුදල් ගෙවීමේ ක්‍රමයක් මේ වසර තුළ හදුන්වා දෙන්න අවශ්‍යය කටයුතු කරමින් සිටිනවා. ලංකා ගමනාගමන මණ්ඩලය බේරා ගන්න සභාපතිවරයාට සහ ඇමතිවරයාට තනිවම බැහැ. ඒ සදහා සියළුම සේවකයින් එකට එකතු විය යුතුයි. කොහොම වුනත් මේ වන විට අස්සන් කර ඇති ගිවිසුමට අනුව 2025 වෙන විට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලැබුවේ නැත්නම් පුද්ගලීකරණය කරන්න වෙනවා. ඒවගේම තමයි ලාභ ලබන්න ගත්තාට පස්සේ ඉන් කොටසක් සේවකයින්ට ලබා දෙන්නත් අපි සුදානම් කර තිබෙනවා.