23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රතිජීවකයක් අසාත්මික වී තවත් අයෙක් ජීවිතක්ෂයට

ප්‍රතිජීවකයක් අසාත්මික වී තවත් අයෙක් ජීවිතක්ෂයට

ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් කෑගල්ල රෝහලේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් බලධාරීන් සඳහන් කළේ 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුටද ලබා දී ඇති බව රෝහල් බලධාරීන් පවසන්නේ.

එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19 වන රෝගියා මොහු බවත් අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බවත් කෑගල්ල මූලික රෝහල අවධාරණය කර්යි.