26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රතිජීවක ඖෂධයක් නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි ?

ප්‍රතිජීවක ඖෂධයක් නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි ?

කෑගල්ල මහ රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

56 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහුගේ මුඛය දෙපස ඇති වූ තුවාල තත්ත්වයක් හේතුවෙනුයි.

රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මියගිය මෙම පුද්ගලයාට ලබාදී ඇත්තේ පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවයි.

එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13ක් ලබාදී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධයෙන් පසු ඔහු මියගිය බව රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල මාකූර ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙක්.