25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට ළමුන් හා කාන්තාවන් ලක්ෂ 09කට මන්දපෝෂණය

මෙරට ළමුන් හා කාන්තාවන් ලක්ෂ 09කට මන්දපෝෂණය

මෙරට වයස අවරුදු පහට අඩු දරුවන් තුන් ලක්ෂ හත්සිය හතළිස් හය දෙනෙක් හා කාන්තාවන් හය ලක්ෂ හැත්තෑ එක් දහස් එකසිය හතළිස් දෙදෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් විසින් අසන ලද ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් පිළිතුරකයි මේ බව සඳහන් වන්නේ.

එම පිළිතුර මෙසේය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ කාන්තාවන් අතරින් වැඩිම පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේ ය. එම දරුවන් සංඛ්‍යාව අසූ පන්දහස් අටසිය හතළිස් හතක් වන අතර කාන්තාවන් සංඛ්‍යාව එක් ලක්ෂ අනූ හය දහස් එකසිය අනූ හතකි. දාහත් දහස් එකසිය අසූවක් වන අඩුම දරුවන් පිරිස සිටින්නේ සබරගමුව පළාතේ වන අතර අඩුම කාන්තාවන් පිරිස වන විසි අටසිය අසූ තුනක් සිටින්නේ උතුරු පළාතේය.

වයඹ පළාතේ අවරුදු පහට අඩු දරුවන් හතළිස් හත් දහස් හත්සිය හැට පස් දෙනෙක් ද දකුණු පළාතේ තිස් හත් දහස් තිස් දෙදෙනෙක් ද මන්ද පෝෂණයෙන් පෙළෙන අතර මධ්‍යම පළාතේ තිස්දහස් තුන්සිය අනූ තුන් දෙනෙක් හා නැගෙනහිර පළාතේ විසි හත් දහස් දෙසිය අසූ දෙනෙක් ද මන්දපෝෂණයෙන් පෙළෙති. උතුරු මැද පළාතේ එම සංඛ්‍යාව දහනව දහස් හැට හතක් වන අතර ඌව සහ උතුරු යන පළාත්වල එම සංඛ්‍යාව පිළිවෙළින් දහ අටදහස් දෙසිය හැත්තෑ අටක් සහ දාහත්දහස් නවසිය හතරකි.

මධ්‍යම පළාතේ කාන්තාවන් එක් ලක්ෂ විසි හය දහස් නවසිය හැත්තෑ හය දෙනෙක්ද දකුණු පළාතේ හැත්තෑ නව දහස් දෙසිය පනස් හතර දෙනෙක් ද මන්දපෝෂණයෙන් පෙළෙන බවත් එම පිළිතුරේ සඳහන්ව තිබේ. දකුණු පළාතේ මන්දපෝෂණයෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාව හැත්තෑ නව දහස් දෙසිය පනස් හතරකි. වයඹ පළාතේ එම සංඛ්‍යාව හැට අට දහස් හත්සිය හැට තුනක් වන අතර සබරගමුව පළාතේ එම සංඛ්‍යාව පනස් හතර දහස් තුන්සිය අනූ හතරකි. ඌව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්වල එම සංඛ්‍යාව පිළිවෙළින් හතළිස් හය දහස් එකසිය හැත්තෑ පහක්, තිස් නව දහස් හයසිය තිස්එකක් සහ තිස් අට දහස් අටසිය හැට නවයකි.